විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
Saturday, 24 July 2021 - 13:11 | Views - 344
2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවීම ජූලි 30 දක්වා දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති පවසනවා.
ඒ අනුව 2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා යළි අවස්ථාව හිමි වනු ඇති.
එලෙස යොමු කරන අයදුම්පත්වල සඳහන් විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා තොරතුරු අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ මස 31 වන දා සිට අගෝස්තු 14 වන දා දක්වා සති දෙකක කාලයක් ලබාදෙන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article