ආසාදිතයින් යළි වැඩිවේ
Saturday, 24 July 2021 - 10:20 | Views - 1,597
පසුගිය සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පහත වැටී තිබුණ ද යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යාම පෙන්නුම් කළේ මීට දින 06කට පෙර සිටයි.

ඒ අනුව පසුගිය 18 වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1420ක් ලෙසටයි.

ඊට පසු දින කොරෝනා ආසාදිතයින් 1487ක් වාර්තා වූ අතර ඉන් අනතුරුව ඊයේ දක්වා කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1815 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 293,113ක් ලෙස දැක්වුණා.

මේ අතර, පෙරේදා තවත් මරණ 43ක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 4000 ඉක්මවා ගොස් තිබෙනවා.

 එය දැක්වුණේ 4002ක් ලෙසයි.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 23,446 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 265,708ක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top