එක්ව කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්
Saturday, 24 July 2021 - 10:13 | Views - 533
කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා සියළු රටවලට එක්ව කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, එම සංවිධානය මීට පෙර කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා ඉදිරිපත් කළ සැලැස්ම චීනය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
2019 වසරේ දෙසැම්බර් මාසයේදී මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන් පළමු කොරෝනා ආසාදිතයා සොයා ගැනුණා.
ඒ අනුව දිගින් දිගටම චෝදනා එල්ල වුණේ වෛරසය චීනයේ බිහි වී ඇති බවටයි.
චීනයේ තවදුරටත් රසායනාගාර සහ වෙළදසැල් පරීක්ෂා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් එය චීනය ප්‍රතික්ෂේප කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ජසරෙවික් ජීනිවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙය දේශපාලනික චෝදනාවක් නොවන බවයි.
සියළු දෙනා අවබෝධයෙන් වගකීම් සහගතව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් මේ පිළිබදව සෙවීමට එක්ව කටයුතු කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article