මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුව මෙන්න
Saturday, 24 July 2021 - 9:31 | Views - 329
ඊයේ (23) දිනයේදී පමණක් රිය අනතුරුවලින් සිදුවූ මරණ 8ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු සඳහන් කළේ එම අනතුරු වලින් තිදෙනෙකු පදිකයින් වන අතර තවත් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින් බවයි.
තවත් දෙදෙනෙක් ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
Share This Article