එන්නත් මාත්‍රා දෙකක් එකවර දීමේ සිද්ධිය ගැන වාර්තාව අද
Saturday, 24 July 2021 - 8:55 | Views - 564
මහනුවර - උඩපේරාදෙනිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව අද (24) මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදීමට නියමිතයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණය කරන බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය ප්‍රකාශ කළේ.
පළාතේ සියළුම එන්නත් මධ්‍යස්ථානවල කටයුතු නිසි පරිදි අධීක්ෂණය කරන ලෙසට ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, මධ්‍යම පළාතේ එන්නත්කරණ කටයුතු අද (24) අවසන්වීමට නියමිතයි.
Share This Article