අත්අඩංගුවට ගත් කාන්තාව
පොලිසිය හමුවේ අනාවරණය කළ දේ...
දින පහක් වයසැති පිරිමි දරුවකු රුපියල් ලක්ෂයකට අලෙවි කළ කාන්තාවක් යාපනයේ, නෙල්ලිඅඩි පොලිසිය විසින් 20දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව පළමු විවාහයෙන් වෙන්ව තනිවම ජීවත්ව සිටියදී ගොඩනඟා ගත් අනියම් සම්බන්ධයකින් මෙම දරුවා ලැබී ඇති අතර ඇයට යළි විවාහයක් කර ගැනීමේදී දරුවා ප්රශ්නයක් වන නිසා ඇය දරුවා විකුණා ඇති බවයි වාර්තා වන්නේ.
ඇයට දරුවකු ලැබුණු පසුව දරුවා බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට දරුවා නිවෙසේ නොමැති නිසා ඇතිවූ සැකයක් මත ඔවුන් මේ බව පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.
පොලිසිය අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සිය දරුවා දරුකමට හදා ගැනීම සඳහා ඥාති සහෝදරියකට ලබාදුන් බවයි.
එම කාන්තාව සොයා යාපනය, නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
මව්බිම පුවත්පත...