සිලින්ඩරයේ පාට නොබලා ගෑස් බෙදන්න ලිට්‍රෝ සමාගම තීරණය කරයි
Tuesday, 20 July 2021 - 16:07 | Views - 1,763
ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතාලීමට ගත් හදිසි තීරණයත් සමඟ වෙළඳපොළේ ඇතිවිය හැකි ගෑස් හිඟයකට මුහුණදීම සඳහා ලිට්‍රෝ සමාගම සතුව ඇතිතරම් තොග ඇති බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම නිවේදනයේ දැක්වෙන්නේ ඇතිවන තත්වයකදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපොළේ ඇති ඕනෑම වර්ණයක සිලින්ඩර වෙත ගෑස් සැපයීම සිදුකරන බවයි.

යම් හෙයකින් අමතර තොග අවශ්‍ය වුවහොත් කෙටි කලකදී එම ධාරිතාව සම්පූර්ණ කරගැනීමේ හැකියාවත් සිය සමාගම සතු බවයි මෙම නිවේදනය හරහා ඔහු පෙන්වාදෙන්නේ.

මෙරට ගෑස් අවශ්‍යතාවය සපුරන ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන්නේ ලිට්‍රෝ සහ ලාෆ්.

මෙම නිවේදනයේ සඳහන් වන ආකාරයට ලාෆ් සමාගම මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20% ක පමණ ප්‍රමානයක් සපුරාලනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top