"දුෂණය කර ඇති තරුණයන් දෙදෙනා පෙම්වතුන්ලු..""අක්කට 15යි වයස, නංගිට 12යි වයස.."
බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පෝද්දල පොලිසිය පවසයි.
අපයෝජනයට ලක්ව ඇති අක්කාගේ වයස අවුරුදු 15ක් හා මාස 06ක් වන අතර නැගණියගේ වයස අවුරුදු 12 මාස 06ක් බවත් සඳහන්. මෙම අක්කා නගෝවරුන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා විසින් දැරියන්ගේ නිවසේ පිටුපසට රැගෙනවිත් දූෂණයට ලක්කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් හා 21 වන සැකකරුවන් දෙදෙනෙක්. මින් එක් සැකකරුවකු 18දා රාත්‍රි අත්අඩංගුවට ගත් අතර අනික් සැකකරු ඊට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
මෙම අක්කා නගෝ් දෙදෙනා සැකකාර තරුණයින් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.