මුහුණු පොතේ පෙම් හුටපටයේ අවාසනාවන්ත අවසානය
Tuesday, 20 July 2021 - 12:44 | Views - 578
දූෂණය කරලා නිරුවත් ඡායාරූපත් ගහලා..

මුහුණු පොත මගින් හඳුනාගත් සිසුවියක් නවාතැන් පළකට ගෙන ගොස් දූෂණය කොට පසුව නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කොට කප්පම් ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල පදිංචි 20 හැවිරිදි සැකකරුවෙක්.

මෙම සැකකරු දහසය හැවිරිදි සිසුවියක් මුහුණු පොත මගින් හඳුනාගෙන ඇති අතර හිරිඹුර ප්‍රදේශයේ උපකාරක පංතියක් අසලට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරු ඇය වෙනත් ස්ථානයකට ගෙන ගොස් දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පසුව සැකකරු ඇයගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදාහරින බව පවසා බියට පත්කර මුදල් ඉල්ලීම නිසා බියට පත් ඇය අවස්ථා කිහිපයකදීම තම පියාගේ මුදල් සොරකම් කර රුපියල් දස දහස පහළොස් දහස තිස් දහස ආදි වශයෙන් සැකකරුට දී තිබෙනවා.

තම මුදල් අඩුවීම පිළිබඳව සොයා බැලීමේදී දියණිය විසින් මුදල් සොරකම් කර ඇති බව දැනගත් පියා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී දියණිය විසින් කරන ලද විස්තරය අනුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top