OFFLINE වූවෝ ONLINE කරන හමුව අද
Tuesday, 20 July 2021 - 10:37 | Views - 346
ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව සිටින ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

එසේ නොමැති වුවහොත් ඉදිරි විභාග කටයුතුවලින් ද ඉවත් වන බවයි වෘත්තීය සමිති අනතුරු අගවන්නේ.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද 9 වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ ගුරු වෘත්තීය සමිති කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ වර්ජනයෙන් ඉවත්ව දරුවන්ගේ අධ්‍යයන කටයුතු දිගටම සිදුකරන ලෙසටයි.

කෙසේ වෙතත්, කැබිනට් පත්‍රිකාවක් හරහා තම ගැටළුවලට විසඳුම් ලබාදුනහොත් පමණක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වෙනුවෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top