නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150ක මුදලකට
Tuesday, 20 July 2021 - 8:47 | Views - 4,258
අලුතින් හදුන්වා දුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1150ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, එහි බර කිලෝග්‍රෑම් 9.5ක් ලෙස සටහන් කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර මෙම ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල සම්බන්ධ යෝජනාව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ලීටර් 18 ගෑස් සිලින්ඩරය කලින් වෙළදපොළේ අලෙවි වූයේ රුපියල් 1395ක මිලකටයි.

වෙළදපොළට අලුතින් හදුන්වා දුන් ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් පසුගිය දා දැඩි කතාබහක් ඇති වුණා.

ඊට හේතු වූයේ එහි නියමිත බර ප්‍රමාණය නොමැතිවීමයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම කරුණු අනාවරණ කළ අතර පසුව පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ ගෑස් සමාගමට දැනුම් දුන්නේ ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත් කර ගන්නා ලෙසටයි.

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය හදුන්වා දීමට පෙර පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1493ක් ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top