දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ සේවකයන් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඊයේ මුදල් ලබා ගැනීමේ කවුන්ටර් තාවකාලිකව වසා දැමුණා.
තවදුරටත් එය වසා තැබුණ ද අධිවේගී මාර්ගයේ බද්දේගම හරහා ගමන් කරන්නන්ට බාධාවකින් තොරව ගමනාගමනයට පහසුකම් සලසා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ.
මේ අතර, බස්නාහිර පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල, කාර්මික සේවා, වාට්ටු ලිපිකරු, මුළුතැන්ගෙයි සේවකයන් ඇතුළු ශ්‍රේණි 46 කට අයත් සේවකයින් අද සිට දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.