ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින්
Monday, 19 July 2021 - 14:00 | Views - 615
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1420 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 256ක්.

තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ඒ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 169 දෙනෙකු, කළුතරින් 151 දෙනෙකු සහ අම්පාරෙන් 130 දෙනෙකු ලෙසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 16ක මධ්‍යස්ථාන 182කදී අද දිනයේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව වැඩිම එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාවක්  පවතින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 37ක්.

මේ දක්වා පුද්ගලයන් 5,675,329 දෙනෙකුට මෙරට තුළ ලබාදීමට අනුමැතිය ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් 5න් එක් වර්ගයක හෝ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

දැනට මෙරට තුළ භාවිතයට ගනු ලබන්නේ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් 5යි.

ඒවායේ දෙවන මාත්‍රාව ද ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 1,686,564ක්.

මේ අතර, අද අලුයම ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

ඖෂධ නිෂ්පාදන  සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමක් ලෙස මෙම එන්නත් තොගය මෙරටට ලැබුණු බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top