උසස් පෙළට සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි
Monday, 19 July 2021 - 11:34 | Views - 4,333
මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ නොවැම්බර් 15 වනදා සිට උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.
දෙසැම්බර් 10 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කරන ලෙස ඉල්ලමින්.
ඊට ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු සංගම් 17 ක් එක්ව සිටියා.
Share This Article