ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගයේ විවාදය අද
Monday, 19 July 2021 - 8:30 | Views - 264
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වනවා.පෙරවරු 10 සිට පස්වරු 5 යි 30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට 2වන දිනයටද විවාදය පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරනු ඇති.ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළා.මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.එම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ අපේ ජනබලපක්ෂය ඇතුලු පක්ෂ රැසක නියෝජිතයින් එක්ව තිබෙනවා.
Share This Article