ඉන්දියාවේ කොවිශීල්ඩ් එන්නතට යුරෝපා සංගමයේ අනුමැතිය නෑ
Saturday, 17 July 2021 - 16:15 | Views - 1,400
කොවිඩ් 19 රෝගය මර්දනය කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිශීල්ඩ් එන්නතට මෙතෙක් යුරෝපා සංගමයේ අනුමැතිය ලැබී නොමැති බව එම ආයතනය පවසනවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා සමාගමේම තවත් සොයා ගැනීමක් වන මෙම එන්නත නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් සමාගමයි.
එම සමාගම මේවන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ද මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා.
මේ අනුව ඉන්දීය කොවිශීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ට යුරෝපා කලාපයේ සංචාරය කිරීමේදී ගැටළු මතු විය හැකි බවයි වාර්තාවන්නේ.
ඒ යුරෝපා සංගමයේ අනුමත කොවිවිඩ් එන්නත ලබා නොගත් කිසිදු පුද්ගලයෙකුහට එම සංගමයේ රටවල්වලට ඇතුළුවීම සඳහා අවසර නොදීමට එම සංගමය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන්.
මේ වන විට යුරෝපා සංගමය කෝවිඩ් මර්දනය සඳහා එන්නත් හතරකට අනුමැතිය ලබාදී තිබෙනවා.
එම එන්නත් වන්නේ ඇස්ට්‍රා සෙනෙකා, ජොන්සන්, ෆයිසර් සහ මොඩර්නායි.
කෙසේවෙතත් යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් රුසියානු ස්පුට්නික් වී එන්නටත් අනුමැතිය ලබාදී තිබෙනවා.
Share This Article