ඩෙල්ටා පාලනයට PCR වැඩි කරන්න වෛද්‍යවරු ඉල්ලයි
Saturday, 17 July 2021 - 13:31 | Views - 835
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැරව යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එසේම, මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,517 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 252 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් දෙසිය තිස් දෙදෙනෙකු හඳුනාගෙන තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 153 ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මඩකලපුව - කලුදාවලෙයි ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක ළමයින් විසි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වුණා. එහි සේවයේ නියුතු අයෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර, මේ වනවිට ළමා නිවාසය වසා දැමීමටයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කොරෝනා වෛරසයේ විකෘති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 38 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ මෙරට තුළ සිදුකරන එන්නත්කරණ වැඩපිලිවෙලට සමගාමීව කොරෝනා පරීක්ෂණ සහ අහඹු පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ගේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව ධාරිතාවයෙන් 25% කට යටත්ව ඊයේ දිනයේදී සත්වෝද්‍යාන විවෘත කිරීමට අවසර හිමි වූ අතර, ඒ අනුව අද දිනයේදී පින්නවල අලි අනාථාගාරය සහ පින්නවල සත්වෝද්‍යානය සංචාරකයන්ට විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, පසුගියදා සිංහයෙකුට සහ සිංහ ධේනුවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් වසා තිබෙනවා. ඒ, සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top