බැඳපු අය එනවා මාව හොයාගෙන..
සතියකට සැරයක් ලේ එකක් බලනවා..
අමුතු හැඟීම් තියෙන මිනිස්සු ඉන්නේ...
සමහර අයට ජීවිතේ හැමදේම ලැබුණත් තවත් අයට ජීවිතේ සැනසීම පවා නොමැතිව මේ ලෝකෙට එන්න සිද්ධ වෙනවා.
පෙර කළ පව්වලින් වන්දි ගෙවන්න මේ ලෝකෙට උපත ලබන අයත් මොන තරම්නම් ඉන්නවද..?
මේ කියන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක් ගැනයි. ඇය තමයි හංසි...
පිරිමියෙකු ලෙස උපත ලැබුවත් ඇය කාන්තාවන් සේ අඳින්න පළදින්න වැඩි කැමැත්තක් දැක්වුවා.
දැන් ඇය කාන්තාවක් සේ සැරසී ගණිකා සේවයේ යෙදෙනවා.
මේ ඇය හිරු ගොසිප් අපට හෙළි කළ අමිහිරි කතාවයි...
ඔබේ පවුලේ විස්තර කිව්වොත්..?
මගේ අම්මයි, තාත්තයි සහෝදරයෝ දෙන්නයි..
මේ රස්සාව කරන එක ගැන දුකක් නැද්ද..
නැහැ දැන් මේකට හුරුවෙලා.. ගෙදර ගොවිතැන්වලට හැමදේටම වියදම් කරන්නේ මම.
ඔබ මේ වෙද්දි ගෙවන ජීවිතේ ගැන විස්තර කළොත්..?
මම මේ රස්සාවෙන් මාසෙට ලක්ෂයක් විතර හොයනවා.
තව මම නයිට් ක්ලබ්වල ඩාන්ස් කරන්න යනවා.. එතකොට ක්ලබ් එකෙන් දවසට මට 1200 ක් දෙනවා.. ඊට අමතරව මට ක්ලබ් එකට එන අයගෙන් යම් ගාණක් ලැබෙනවා.
මාසෙට ලක්ෂ දෙක හමාරක් විතර හොයනවා.
මම යම් මුදලක් ඉතිරි කරනවා. තව මගේ වියදම්වලට ගන්නවා.. අනිත් ඒවා ගෙදරට දානවා.
ඇත්තම කිව්වොත් ආදරේ කියන්නේ බොරුවක්..
මගේ ළඟට බැඳපු දරුවෝ ඉන්න තාත්තලා කොයි තරම්නම් එනවද..? පොඩි කොල්ලෝ එනවා.
ඒ දේවල් එයාලගේ බිරිඳ දන්නවද..? නෑ.. එයා හිතන් ඉන්නේ මට ඉන්නේ හොඳම සැමියෙක් කියලා.. ඒත්..
පොඩි ළමයි කතා කරනවා මගේ යාළුවෙක් ඉන්නවා අපි දෙන්නයි ඔයයි ඉන්න පුළුවන්ද කියලා.. අමුතු හැගීම් තියෙන මිනිස්සු ඉන්නේ..
දැන් ලංකාවේ හැදුනුම්පත හදන්න පුළුවන්නම් කසාද බදින්නත් පුළුවන්.
ඒ වගේම මම දන්න හුගක් අය ඉන්නවා පිරිමියෙක් වෙලා ඉපදිලා දැන් කාන්තාවක් විදිහට වෙනස් වුණු.
මේ හැමදේටම යන්නේ ලක්ෂ 15 යි..
ඉස්සර බැරිවුණු එකම දේ දැන් ලක්ෂ 15 ට කරන්න පුළුවන්..
මමත් ඒ වෛද්‍යවරයෙක් සතියකට එක පාරක් හම්බවෙනවා.. ලේ චෙක් කරනවා.. පරිස්සම් වෙන්න ඕනේ නිසා..
ජීවිතේ ගැන දුකක් නැද්ද..?
නැහැ.. සතුටින් ඉන්නවා.. ගෙදර අයට ප්‍රශ්නෙකුත් නෑ.. ඒ අය හිතන් ඉන්නේ මම රැකියාවක් කරනවා කියලා.. මගේ බලාපොරොත්තුව රට යන එක...
මොකක්හරි කරපු පවකට මෙහෙම වෙන්න ඇති.. නමුත් දැන් පසුතැවීමක් නැහැ..
මේ ජීවිතේ හැමදේම බොරුවක්.. ඒක මම ළඟට එන අයගෙන්ම මම තේරුම් අරන් තියෙන්නේ.. පවුල් ජීවිත වුණත් බොරුවක්...