වැලිගම - කප්පරතොට ප්රදේශයේ තියුණු ආයුධයකින් පුද්ගල ඝාතනයක්
Saturday, 17 July 2021 - 10:20 | Views - 380
වැලිගම - කප්පරතොට ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, එහිදී තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වී ඇත්තේ 50 හැවිරිදි යුද හමුදාවේ විශ්රාමික නිලධාරියෙකු වන කප්පරතොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
52 හැවිරිදි තවත් පුද්ගලයෙකු පහරකෑමෙන් බරපතල තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article