නාවලපිටියේ දැරිය අපයෝජන සිද්ධියට තවත් 04 ක් සොයයි
Saturday, 17 July 2021 - 10:04 | Views - 488
නාවලපිටිය - හරංගල - ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාවය පිළිබද සම්පූර්ණ තොරතුරු දැරිය නොදන්නා බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, අදාළ දැරිය සමග ඇයව අපයෝජනය කල බව කියන නාවලපිටිය - හරංගල - ඉලුක්තැන්න ප්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක්ද ඊයේ සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අපයෝජනයට ලක්වූ දැරියගේ පියා සහ පෙම්වතා ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top