ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
Saturday, 17 July 2021 - 9:21 | Views - 1,238
නව කොරෝනා අසාදිතයින් 1,517 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ දෙලක්ෂ 82,060 ක් ලෙසයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,446 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 37 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ දිනයේදි ආසාදිතයින් 918 දෙනෙකු සුවය ලැබූ අතර, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ  පනස් හතර දහස් අටසිය හෑත්තා එකකක් ලෙසයි.

එසේම, පසුගිය 15 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 41 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්. අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 29 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,702 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර , ඩෙල්ටා ප්‍රභේදය සමඟ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එය ඉතා බරපතල තත්ත්වයක් උදාකරනු ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනනන්ද විජේවික්‍රම පවසනවා.

එසේම, කොවිඩ් ආසාදනය වීමෙන් පසු දරුවන්ට වැළඳෙන බරපතල රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඊයේ අනාවරණයක් සිදු කළා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කළේ එම රෝගී තත්ත්වය ආසාදනය වූ දරුවන් 34  දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, මෙම රෝගී තත්ත්වය පිළිබඳව ‍මවුපියන් දැඩි අවධානයෙන් පසු විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පෙන්වා දුන්නා.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා ධාවනය වන බස් රථ හැර අනෙකුත් සියලුම පළාත්  අතර ධාවනය වන බස් රථ අද සිට ධාවනය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

එමෙන්ම දුම්රිය ධාවනය ද පළාත් අතර සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top