පොලිතින්, ලන්ච්ෂීට් බෙදා හැරීම සහ නිෂ්පාදනයට දඩය ලක්ෂයක්
Friday, 16 July 2021 - 12:43 | Views - 1,126
අගෝස්තු පළවනදායින් පසු පොලිතින් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එම දඩ මුදල රුපියල් 10,000 ක් වූ අතර, අගෝස්තු පළවනදායින් පසු පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ එම දඩ මුදල ඉහළ දැමූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, පරිසර හිතකාමී ජෛව හායනික ලන්ච්ෂීට් තවදුරටත් භාවිත කිරීමට හැකි අතර, එම ලන්ච්ෂීට් නිපදවන කර්මාන්තශාලා 8 ක නියෝජිතයින් ඊයේ අමාත්‍ය මහින්ද අමරවීර හමුවී තිබෙනවා.

එහිදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිතින් හා ලන්ච්ෂීට් නිපදවන සමාගම්වලට මසක සහන කාලයක් ලබාදීමටත් තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top