"රජිව් මාමා පව් - වීඩියෝ ඇමතුම් ඔස්සේ ද සේවය, විනාඩි විස්සකට රුපියල් 10,000 යි " රටම කතා කළ ගල්කිස්සේ දැරිය පොලිසිය හමුවේ හෙළි කළ පිළිකුල් සහගත ඇත්ත කතාව
“අක්කා එද්දි සල්ලි මිටි ගණන් අරගෙන එනවා.
පන්දාහේ කොළ එහෙමත් තියෙනවා.”
“අක්කා කරන ඒ වැඩේට අපි කැමති නෑ. කවුරුහරි දැනගත්තොත් අපෙත් පටි රෝල්...”
ඇය දරුවන් දෙදෙනෙකුට ජීවය දුන් අම්මා කෙනෙක්. අනියම් සැමියාගේ දරු දෙදෙනාටද ශෂි අම්මා වී සිටින ඇය මේ වන විට තවත් පුරුෂයෙකු නිසා ගැබ්ගෙන සිටින්නේ මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නැතිබව පසක් කරමිනුයි.
ඇය මව් පදවිය ලැබුවේ ඇත්තටම දරුවන් කෙරෙහි ඇති ආදරය ඇල්ම නිසාද නැත්තම් ලිංගික ආශාව නිසාද යන්න සැක සහිතයි.
ඒ ඇය දරුවන් මත්තේ නැහෙන එකියක් නොවී තම දියණියත් විකිණීමට පෙළඹුණූ කාන්තාවක් නිසයි.
මේ දිනවල විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළද මේ අම්මාගේ ක්‍රියා කලාපය ගැන අසන්නට ලැබෙනවා.
මේ වන විට ශෂීගේ වයස අවුරුදු තිස් දෙකක්. ස්ථිර පදිංචිය දෙල්ගොඩ. ඇය තරුණයෙකු සමඟ එක වහළකට එන්නේ ඇයට යන්තම් අවුරුදු පහළොවක් වීමත් සමඟයි. ඔහු හා නීතියෙන් විවාහ වුවාද නැද්ද යන්න තහවුරු වී නැහැ. කෙසේ වෙතත් ඇය සිය ප්‍රථම දරුවා ලෙස මෙලොවට ගෙන එන්නේ දියණියක්.
වසර හතරකට පසු ඇය පිරිමි දරුවෙකු බිහි කරන නමුත් ඇය මේපවුල සමඟ එතරම් බැඳීමක් තිබුණේ නැහැ. ඒ පැත්තෙම රවින්ද්‍ර රජිව් නම් කාන්තා ජාවාරම්කරු සමඟ මීට වසර පහකට පමණ පෙර ඔහු හා පලා යන්නේ සිය දරුවන් දෙදෙනා මත්ද්‍රවයට ඇබ්බැහි වී සිටින සැමියාගේ භාරයට පත් කරමිනුයි.
මවගේ රැකවරණය අහිමි වූ දියණියට ද ඕනෑ තරම් නිදහස තිබුණා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ඇය ඉගැනීම් කටයුතු පසෙකලා පෙම්වතුන් සොයා යන්නට වුණා.
"අක්කා උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා මාත් එක්ක ඉස්කෝලෙ ළඟටම යනවා. හැබැයි ඉස්කෝලෙ ඇතුළට යන්නෙ නෑ. කවුරුහරි කොල්ලෙක් එක්ක යනවා. ගිහින් හරියටම ඉස්කෝලේ අරින වෙලාවට ළඟට ඇවිත් මාත් එක්ක ගෙදර යනවා.." මෙලෙස කියන්නෙ ඇගේ එක කුස උපන් සහෝදරයා යි.
මේ සියලු දේ හෙළි වෙන්නේ ගල්කිස්සේ හෝටලයක බාලවස්කාර දැරියක් ගණිකා සේවයේ යොදවා ඇති බවට ගල්කිස්ස පොලිසියට ලැබුණූ තොරතුරු මතයි.
එම හෝටලයට කඩා වැදුනු පොලිසියට බාලවයස්කාර දැරියක්, ඇයට වඩා බාල දරුවන් තුන් දෙනෙක් හා පුරුෂයෙකු හමුවුණා. රජිව්ට හා මේ පිරිසට කිසිම ඥාතීකමක් තිබුණේ නැහැ.
රජිව්ගේ දරු දෙදෙනාගේ කාන්තාවන් දෙදෙනෙකුගේ බව සඳහන්.තමන්ගේ දරුවන් දමා ආවත් රජිව්ගේ දරුවන්ට ශෂී සෙනෙහස පෑවා. කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම ගැන රජිව්ට චෝදනා ගණනාවක් තිබුණු අතර ලොකු දඩයකට යටත් කර තිබුණා.
අවසානයේ සිදු වූයේ රජිව්, ශෂීව ද ගණිකා සේවයේ යෙදවීමයි.
මෙලෙස කල් ගත වෙද්දි ශෂී ඇගේ දරුවන් දෙදෙනාත් ළඟට ගත්තා. ඒ නීත්‍යානූකුල සැමියා මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටු වීම නිසයි.
අනියම් පුරුෂයෙකු සමඟ ජීවත් වුණත් ශෂී සිය දියණිය සමඟ දුරකතනයෙන් සම්බන්ධකම් පවත්වා තිබුණා.
පියා සිරගත වීමෙන් පසු දරුවන් ශෂීට භාර වුණා. රජිව්ගේ නිවසට පැමිණී දියණිය වැඩිකල් යන්නට මත්තෙන් මව පරයා ගියේ රජිව්ගේ හොර අඹුව බවට පත් වෙමිනුයි. ඒ වන විට ද ඇය කුමරි බඹසර සිඳගෙන සිටි අතර එහි වගකීම පැවරුණේ ඇයව මෙලොවට බිහි කළ පියාට යි.
රජිව් බෙදාගන්නට බැරිව මවත් දියණියත් අතර බහින්බස් වීම් ද සිදු වුයේ අනිකුත් දරුවන්ද අපහසුතාවට පත් කරමිනුයි. ශෂීට ලක්ෂ 18 ක කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ ඉන් අනතුරුවයි.
ඔහු කෝටිපතියෙක්. බිරියගෙන් වෙන්වී සිටි අයෙක්. මොහු විශාල මුදලක් වියදම් කර කාන්තාවක් සොයන්නේ දින 20ක් රඳවා ගැනීමටයි. ලක්ෂ 18 වැටෙන්නේ රජිව්ගේ ගිණුමටයි. අනතුරුව ශෂි එම පුද්ගලයා සමඟ ගියා.
මේ අතර රජිව්ගේ ග්‍රහකයන් කෙල්ලක් සොයන්නට වූ අතර රජිව්ට දීමට පහසුම කෙනා වූයේ ශෂීගේ දියණියයි. රජිව් සමඟ දිගින් දිගටම ලිංගික කටයුතු වල යෙදී තිබුනු නිසාම ඇයට මෙය අපහසුවක් වූයේ නැහැ.
පළමු බිස්නස් එකෙන්ම ඇය රුපියල් පන්දහසක් රැගෙන එම මහමෙරක් බදු වුණා.
ඇයට ඉල්ලුම්කරුවන් ගලාගෙන එන්නේ ඉන් අනතුරුවයි.
තත්ත්වය එසේ වෙද්දී මව ලක්ෂ 18ක් වෙනුවෙන් කාමාතුරයෙකු සොයා ගිය ද දින 20කට පසුත් ඇය ආපසු ආවේ නැහැ. ඒ ඇයගේ පහසින් දැඩිලෙස තෘප්තියට පත් ව්‍යාපාරිකයා ඇය අඹුකමට තියාගත් නිසායි.
මේ අතර දැරියට ඉල්ලුම්කරුවන් ගලා එන්නට පටන් ගත්තා. ඒ බව දැනගත් ගණිකා වෙබ් අඩවි හිමිකරුවන්ද ඇය විකුණනන්නට දැන්වීම් පළ කරන්නට වුණා.
ඇගේ පහස ගන්න බොහෝ දෙනා මේ හරහා දින වෙන් කරගත්තා. එහි ඇගේ නම වයස ලබා දෙන සේවාවන් ද සඳහන්ව තිබුණා.
මේ කෙල්ලගේ පහස ලබන්නට වැඩිහිටි පිරිමි පෝලිම් පිටින් එන්නට පටන් ගත්තා. බොහෝ විට සිය දියණියන්ගේ සිරුරු දැක ඇති වූ ආශාව පාලනය කරගත නොහැකි වූ පියවරුන් ද මේ අතර හිටියා.
බිස්නස් එක සරු වුණත් රජිව්ගේ මුදල් තණ්හාව ඉවවහා ගියා. දැරිය ගැන වෙබ් පිටු ගණනාවක පළ වුනේ අනතුරුවයි.
කාමතුරයන් පෝලිම් පිටින් ඇය සොයා එන්නට වූයේ පවතින සංචරණ සීමා පවා නොසලකමිනුයි.
ප්‍රාදේශීය දේශපාලඥයින්, සමහර පොලිස් නිලධාරින් කිලෝමීටර් දෙසීය ගණන් ගෙවා දැරිය සොයා පැමිණ තිබුණා.
මෙලෙස ඇය මුදල් උපයද්දි ඉන් වැඩි ප්‍රමාණයක් වැය වුනේ රජිව්ගේ දඩ ගෙවීමටයි. රජිව් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අතර ඔහු දැරියට ද ඒවා පුරදු පුහුණූ කළා.
පසුව රුපියල් අසූ දහසක කුලී පදනම මත මහල් නිවාස සංකීර්ණයක් ද රජිව් මිලදී ගත්තා.
ඇය පොලිසියට කොටු වෙන්නෙ මෙලෙස අංක එකේ ගණිකාවක් බවට පත්වෙමින් සිටියදීයි. පොලිස් භාරයට පත්වීමෙන් පසු ඇගේ මව සොයාගන්න පොලිසියට හැකි වුණා. ඇය පොලිසියට පැමිණියේ මෝදු වෙමින් පවතින උදරයක් ද සමඟිනුයි. ඒ වන විට ඇය අර කාමාතුරයා නිසා ගැබ්ගෙන සිටියා.
ඇයද අත්අඩංගුවට ගත් අතර දැරිය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ අය සොයාගන්නේ ඇගේ දුරකථන දත්ත අනුවයි. ඒවා විශ්ලේෂණය කිරීමේ දී හමුවූ පුද්ගලයින් තවමත් ගණන් බලා නැහැ.
ඇගේ සේවය ලබාගත් බොහෝ දෙනා වයස අවුරුදු 40 ඉක්මවූ අයයි. මීට අමතරව සංචරණ සීමා පැවති සමයේ වීඩියෝ ඇමතුම් ඔස්සේ ද සේවය ලබා දී තිබුණා.
විනාඩි විස්සකට රුපියල් 10,000ක මුදලකට ඇය මෙම කාර්යයේ යෙදී තිබුණා. මෙම විමර්ශනවලදී දරුවන්ගේ කතා ඇසූ නිළධාරින්ට දුක හිතුණා.
"අක්කා දවස් දෙක තුනක් ගෙදරින් පිට ඉඳලා එද්දි සල්ලි මිටි ගණන් අරගෙන එනවා. පන්දාහේ කොළ එහෙමත් තියෙනවා. අපි සල්ලි ගණිනවා. ඒත් අක්කා කරන ඒ වැඩේට අපි කැමති නෑ. කවුරුහරි දැනගත්තොත් අපෙත් පටි රෝල්..."
"ඒ දවස්වල අපිට හරියට කන්න බොන්නවත් තිබුණේ නෑ. අක්ක සල්ලි හම්බකරන්න පටන් ගත්තම අපිට අඩුපාඩු නැතිවුණා. රජිව් මාමා අපිත් එක්ක ඉරිදට හෝටලේකට එක්කන් ගිහින් අපිට හොඳට කන්න අරන් දෙනවා.."
"හැබැයි අක්කා නිතරම ඉන්නේ රජිව් මාමාගේ ඔඩොක්කුවේ.. ඒ දෙන්නා කාමරේට වෙලත් ඉන්නවා..."
පිරිමි දරුවන් මෙලෙස කියද්දී, දැරිය රජිව් ගැන පැවසුවේ අමුතුම කතාවක්.
"රජිව් මාමා පව් එයා ගොඩක් ණය වෙලා ඉන්නේ. මම සල්ලි හොයලා එයාට දෙනවා. එයා අපිට හොඳට කන්න බොන්න වගේම ඇඳුම් එහෙමත් අරගෙන දෙනවා.."
ඇය පැවසුවේ හද පිරි සෙනෙහසින්.
දැන් ඇය සිටින්නේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානයේ යි. ඒ ඇය හා යහන් ගත වූ කාමාතුරයන් හඳුනා ගැනීමේ කටයුත්තට සහය දෙමිනුයි. ඇය පවසා තිබුණේ තමන්ගේ සේවය ලබාගත් පුද්ගලයින් කොපමණ දැයි මතක නැති බවයි. ඒ එතරම් පිරිසක් ඇගේ පහස ලබාගෙන ඇති නිසයි.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.