13 හැවිරිදි දියණිය නොකියූ රහස - පියාට ද මාංචු (Video)
Friday, 16 July 2021 - 11:38 | Views - 1,395
“මට කිව්වේ නෑ මෙයා, හංඟගෙන හිටියා..”

13 හැවිරිදි දැරියක් අපයෝජන කිරිමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වර්තා වනවා. සිද්ධියට අදාළව දැරියගේ පියා ඇතුලු පුද්ගලයින් 5දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවිම වාර්තා වන්නේ නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේන්.

අදාළ 13 හැවිරිදි දැරිය පසුගිය පළමු වැනිදා සිට අතුරුදහන් විමත් සමඟ දැරියගේ මව නාවලපිටිය පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබුණා.

පසුව ඉකුත් 7 වැනිදා දැරියගේ ඥතින් පිරිසක් විසින් ඇයව නාවලපිටිය වටද්දර පොලිසිය වෙත භාරදී තිබෙනවා.

වටද්දර පොලිසිය විසින් නාවලපිටිය පොලිසියට භාරකළ දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදි දැරිය හෙළිකර ඇත්තේ වයස අවුරුදු 1දී තමන් පියා අතින් අපයෝජනයට ලක්වූ බවයි.

සිය පෙම්වතා තමන්ව හරංගල ප්‍රදේශයේ ගල් ගුහාවකට රැගෙන ගොස් දින කිහිපයක් එහි රදවාගෙන අපයෝජනය කළ බවද ඇය හෙළිකර තිබෙනවා.

ඒ අනුව සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවන් ලෙස දැරියගේ පියා සහ පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දැරිය අපයෝජනය කිරීමට අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ අනුව මෙම අපයෝජන සිද්ධියට අදාලව සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මේ අතර වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් ලිංගික කාර්යයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ විකිණීමේ සිද්ධියට අදාලව මේ වනවිට පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර,  බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බව කියන අයගේ නම් සඳහන් කරමින් අසත්‍ය පුවත් පළ කළ වෙබ් අඩවියකට එරෙහිව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර සිද්ධියට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයෙකු සහ සහකාර කපිතාන් වරයෙකු අද පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී අතවරයට ලක්වු දැරිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වීම සැලකිල්ලට ගෙන එක් සැකකරු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළ අතර සෑම ඉරු දිනකම පෙරවරුවේ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවට නියෝග කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top