මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1447 ක් ඊයේ දිනයේ වාර්තාවී තිබෙනවා.
UPDATE:
ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 50ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3661ක් ලෙසටයි. ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 29ක් සහ කාන්තාවන් 21ක් ඇතුලත්.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 8ක් සහ කාන්තාවන් 4දෙනෙකු මියගිය පිරිසට අයත්.අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 21ක් සහ කාන්තාවන් 17ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 939 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 253,953ක් ලෙසටයි.
එමෙන්ම මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඩෙල්ටා ආසාදිතයින් යැයි හඳුනා ගැනුණු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 38 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.