මොඩර්නා (Moderna) එන්නත් පළමු තොගය මෙරටට
Friday, 16 July 2021 - 10:40 | Views - 430
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් වන "මොඩර්නා" එන්නත් ලක්ෂ 15ක් අද(16) පෙරවරුවේ මෙරටට ගෙන එනු ලැබුවා.

මෙම එන්නත් තොගය ලංකාවට ප්‍රදානය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේයි.  

මෙම එන්නත ද කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන්ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නතක්.

මේ එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කල මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බව එම පර්යේෂණවලින් සනාථ වීම විශේශත්වයක්.  

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මොඩර්නා එන්නත් සමාගමට අයත් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයකදී මෙම එන්නත නිපදවා ඇති අතර කොවිඩ්‍ 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙහි මාත්‍රා දෙකක් ලබා ගත යුතු වනවා.

එම මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

මෙරටට රැගෙන ආ එන්නත් තොගය ඇමෙරිකානු තානාපතිනී අලෙයිනා ටෙප්ලිට්ස් (Alaina Teplitz) විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට භාරදීම සිදුකෙරුණු අතර එම අවස්ථාවට
අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් එක් ව සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top