වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයී.
එම අවස්ථාවේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ද පැවති අතර, එහිදී පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක කපිතාන්වරයෙකු සහ ඔහුගේ සහයක නිලධාරීයා සැකකරුවන් ලෙස හඳුනා ගැණුනා.
ඔවුන් රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප 2ක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටයි අතිරේක මහේස්ත්රාත්වරයා නියෝග කළේ.