කොවිඩ් එන්නත ලබා ගත් වයස්ගතම පුද්ගලයාගෙන් වැඩිහිටියන්ට පණිවුඩයක්
Tuesday, 13 July 2021 - 13:43 | Views - 1,005
කොරෝනා මර්දන එන්නත් දිවයින පුරා ජනතාවට ලබාදීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල වැඩිහිටියන් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම, වෛරසයේ දැඩි අවදානමෙන් මිදීමට තිබෙන හොඳම මග එන්නත්කරණයයි.

මේ වනවිටත් දිවයින පුරා එන්නත් මාත්‍රා ලක්ෂ 50 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව එන්නත් ලබා ගැනීම සඳහා වැඩි උනන්දුවක් නොදක්වන බව වසංගත රෝග විද්‍යා අංශය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා.

එහෙත්, කොරෝනා එන්නත ලබා ගත් මෙරට වයස්ගතම පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එන්නත් ලබා ගැනීමෙන් පසු තමන් කිසිදු අපහසුතාවකට මුහුණ නොදුන් බවයි.

කෑගල්ල - මලවිට පදිංචි වයස අවුරුදු 104 ක් වන ඒ.ඒ.පොඩි අප්පුහාමි එන්නත ලබා ගෙන තිබුණේ මලවිට බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීයි.

එතරම් වයස්ගත තත්ත්වයක සිටියදීත් කිසිදු පැකිලීමකින් තොරව කොරෝනා මර්දන එන්නත ලබාගෙන නිරෝගිකම වෙනුවෙන් කැපවූ ඔහු එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන පිරිසටත් ලබාදෙන්නේ ප්‍රබල පණිවුඩයක්.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා දෙලක්ෂ 32,526 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ 73,988 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 40,276 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයින් 13,357 දෙනෙකුට ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,725 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 180 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, වෙනස් නිෂ්පාදකයින්ගේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා නුවර සිට ඊයේ පැවැත් වූ ඔන්ලයින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එලෙස එන්නත් මිශ්‍ර කිරීමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.

කෙසේ නමුත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තනි මාත්‍රාවේ කොරෝනා එන්නත ලබාගත් අය ෆයිසර් හෝ මොඩර්නා වැනි එම්.ආර්.එන්.ඒ. එන්නත් ප්‍රවර්ධකයක් ලබා ගැනීම ඇතැම් පර්යේෂකයින් අනුමත කර තිබෙනවා.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ඔවුන්ගේද අදහසයි.

එමෙන්ම, ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලැබූවන් තුන්වන ප්‍රවර්ධක එන්නතක් ලබාගැනීම අවශ්‍යද යන්න මෙතෙක් තහවුරු නොකළ කරුණක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය හැඳින්වූයේ.

ඒ වෙනුවට අතිරික්ත ෆයිසර් එන්නත්, එන්නත් නොලැබූ දුප්පත් රටවල් වෙත ලබාදිය හැකි බවද ඇය කියා සිටියා.

තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ වාර්තා වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් බව විශ්වාස කෙරෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top