වෙනස් නිෂ්පාදකයින්ගේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා නුවර සිට ඊයේ පැවැත් වූ ඔන්ලයින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එලෙස එන්නත් මිශ්‍ර කිරීමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.
මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.
තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් බව විශ්වාස කෙරෙනවා.