පළාත් අතර පොදු ප්‍රවාහන සේවය හෙට සිට ක්‍රියාත්මක කෙරේ
Tuesday, 13 July 2021 - 10:26 | Views - 5,189
පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව එම සේවාවන් සඳහා පමණක් හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇති.
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්, පනවා තිබු පළාත් අතර සංචරණ සීමාව පසුගිය 10 වනදා තවත් දින 14කින් දීර්ඝ කළා.
Share This Article