අද ඇරුණු ප්‍රදේශ
Tuesday, 13 July 2021 - 9:10 | Views - 364
කොළඹ, ගම්පහ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදෙකලාභාවයට පත්කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය අද උදෑසන හයේ සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලාභාවය ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ගම්මානය සහ රබර්වත්ත ගම්මානයද හුදෙකලාබවින් ඉවත් කර තිබෙනවා.ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්තෝඩුවායි උතුර ග්‍රාම නිලධාරී වසම සහ මන්ජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාරද හුදෙකලාභාවය ඉවත් කළ ප්‍රදේශවලට අයත්.

Share This Article