ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කෙරේ
Monday, 12 July 2021 - 15:46 | Views - 459
අයහපත් කාළගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.
පසුගිය පැය 48 තුල දිවයිනේ කිසිදු ප්රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම නිසාත් ඉදිරි දින සඳහා කාළගුණ අනාවැකි මගින් ඉහළ වර්ෂාපතනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නොමැති නිසාත් මෙම පියවර ගත් බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය දින වල දිවයිනේ නිරිත දිග ප්රදේශයේ ගංගා වලින් වාර්තා වූ තරමක් ඉහළ ජල මට්ටම් මේ වන විට සැළකිය යුතු ලෙස පහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
Share This Article