දිනෙන් දින රත්රං මිල උච්චාවචනය වීම හරහා මෙරට රත්රං කර්මාන්තය කඩාවැටීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රන්කරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම කර්මාන්තය රැකගැනීම සඳහා රජයක් ලෙස කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
මේ අතර ලෝක වෙළඳපොලේ රත්රං අවුන්සයක මිල මේ වන විට ඩොලර් 1800 සීමාව ඉක්මවා ඇති අතර එය තවදුරටත් ඉහළ යාමේ ප්රවණතාවක් පවතිනවා.
අමෙරිකානු ඩොලරය අවප්රමාණය වීම සහ කොවිඩ් ඩෙල්ටා ප්රභේදය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ප්රකෘතිමත් වීම පමාවීම මෙලෙස රත්රං මිල තවදුරටත් ඉහළ යාමට හේතුවයි.
විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ ඉදිරි වසර තුළ රත්රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000ද ඉක්මවනු ඇති බවයි.
සමස්ත ලංකා රන්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස රන් මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.