කොරෝනා වෛරස් ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළ යෑමත් සමඟ වියට්නාමය - මිකොන් ඩෙල්ටා කලාපයේ සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය සාර්ථක ලෙස පාලනය කළ වියට්නාමයේ නව කොරෝනා රැල්ලක් මතු වූයේ පසුගිය අප්‍රේල් මාසයේ සිටයි.
ඊයේ දිනයේදීද එරට නව ආසාදිතයින් 1,953 ක් වාර්තා වූ අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාවයි.
එහිදී වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වී ඇත්තේ හෝ-චි-මිං නුවරින්.
කොරෝනා වසංගතය ආරම්භයේ සිට වියට්නාමයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහසකට ආසන්න වන අතර, එරටින් කොරෝනා මරණ 116 ක්ද වාර්තා වුණා.
නව කොරෝනා රැල්ල සමඟ වියට්නාමය පසුගිය සතියේ සිට එරට ආර්ථික කේන්ද්‍රය වූ හෝ-චි-මිං නුවර සහ හැනෝයි අගනුවරද සංචරණ සීමා පනවනු ලැබුවා.