නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට ප්‍රවාහන අංශ පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් තවදුරටත් පළාත් අතර සංචරණය සීමාවනු ඇති.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ගමන්වාර 103 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3,500 ත්, 4,000 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබෙනවා.
අන්තර් පළාත් ලංගම බස් රථ 1,500 ක් පළාත් තුළ ධාවනයට අතිරේකව යොදවා ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ.