ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වෙයි
Monday, 12 July 2021 - 8:44 | Views - 593
අද සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා.

ඒ අනුව ඔන්ලයින් විශේෂ මධ්‍යස්ථානවලින් මෙන්ම උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතුවලින්ද අද දින සිට ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ.

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කළා.  

ඒ අනුව අද සිට ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සංවිධාන 14ක් එක්ව සිටිනවා.

කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිස තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ පසුවනවා.

ගුරු සංගම් ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක්ම චෝදනා කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කරමින් විරෝධතාකරුවන් මෙලෙස මර්දනය කිරීමට රජය කටයුතු කරන බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top