ප්‍රදේශ කිහිපයක් අදත් හුදෙකලා කෙරේ
Monday, 12 July 2021 - 8:33 | Views - 541
කොළඹ, මහනුවර, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන හයේ සිට හුදෙකලා කර තිබෙනවා.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් වසමේ තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියානවත්ත ගම්මානය හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.මහනුවර සුදුහුම්පොල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රදේශ කිහිපයක්ද හුදෙකලාවට ලක් කෙරුණා.ඊට අමතරව අම්පාර - කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම සහ යාපනය -පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම්මානය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බල ප්රදේශය් කැටබුලාව මධ්‍ය කොටස අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.
Share This Article