අත්අඩංගුවට ගැනීම් අඛන්ඩව - ස්ටාලින් ඇතුලු පිරිසට පිජාමා
Friday, 09 July 2021 - 13:24 | Views - 181
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු පොලිස් භාරයට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු 16 දෙනා අද අලුයම මුලතිව් හි නිරෝධායන කඳවුරක් වෙත රැගෙනවිත් තිබෙනවා.
එහි සිට හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ තමන් ඇතුලු පිරිසට ඇඳගැනීමට අද උදෑසන පිජාමා ඇඳුම් ලබාදුන් බවයි.
Share This Article