" අපේ ඇඳුම් ඉරලා බස් එකට දාගත්තේ " - නිරෝධායනයට රැගෙන යද්දී තරුණියක් කියූ අමුතු කතාව (Video)
Friday, 09 July 2021 - 11:53 | Views - 221
උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට දන්වා තිබියදී විරෝධතාවල නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු 33 දෙනාගෙන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
 
මොවුන් අතර  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ද වන අතර, මොවුන් විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ඊයේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිවයි.
 
එහිදී පොලීසිය ඊට මැදිහත් වී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වුණා.
 
පසුව සිද්ධියට අදාළව ජෝශෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඇප මත මුදා හැරුණා.
 
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසටයි.
 
එහිදී අධිකරණය පොලීසියට දැනුම් දුන්නේ තමන්ට ඒ සඳහා බලයක් නොමැති බවයි.
 
ඇප ලැබුණු එම පිරිස අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ව නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී ද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
 
ඒ, ඊට මෙම පිරිස විරෝධය පළ කිරීම හේතුවෙන්.
 
එම අවස්ථාවේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ්  ස්ටාලින් ඇතුළු 16 දෙනෙකු පමණක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පොලීසිය කටයුතු කර තිබුණේ.
 
මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන අවස්ථාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තරුණියක මෙලෙස අදහස් පළ කළා...


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top