වසර 8කට පසු මත්ස්‍යයින්ගේ රතු දත්ත ලේඛනය එළියට
Friday, 09 July 2021 - 9:43 | Views - 460
මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින්ගෙන් සියයට 74ක් වද වීමේ තර්ජනයට ලක්ව ඇති බව ජාතික රතු දත්ත ලේඛනයෙන් අනාවරණ කර තිබෙනවා.

2012 වසරේ සිට 2020 වසර දක්වා සිදුකළ පර්යේෂණ තොරතුරු පදනම් කර ගනිමින් නිකුත් කළ මත්ස්‍යයින් පිළිබද නවතම ජාතික රතු දත්ත ලේඛනයේ මේ බව දක්වා ඇති බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් ක්‍රියා සිටියේ.

මීට පෙර ජාතික රතු දත්ත ලේඛනය නිකුත් කරනු ලැබුවේ 2012 වසරේදී වන අතර, සියළු ජීවි කාණ්ඩවල රතු දත්ත තොරතුරු තනි ලේඛනයක් ලෙස නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්,  පවතින කොරෝනා තත්ත්වය හමුවේ මත්ස්‍ය, ශාඛ, පක්ෂි ආදී ලෙස එය ලේඛන කිහිපයක් ලෙස නිකුත් කිරීමටයි මෙවර සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව මෙරට ශාඛවලට අදාළ රතු දත්ත ලේඛනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

ලෝක සංරක්ෂණ සංගමය ගෝලීය වශයෙන් ද රතු දත්ත ලේඛනයක් නිකුත් කරනු ලබනවා.

ඊට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ 54ක් ඇතුළත් කර ඇති අතර ඉන් 18ක්ම මෙරටට ආවේණික මත්ස්‍යයින් වනවා.

ඒ අතර සිටින තඹලයා සහ බන්දුල පෝතයා ගෝලීය රතු දත්ත ලේඛනයට ඇතුළත් කර ඇත්තේ දැඩි ලෙස වද වී යන මත්ස්‍ය විශේෂ දෙකක් ලෙස නම් කරමින්.

බන්දුල පෝතයා දක්නට ලැබෙන ලොව එකම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ - මිනීමරු කොළණියයි.

මේ, බන්දුල පෝතයා මත්ස්‍ය විශේෂයට පවතින තර්ජනාත්මක තත්ත්වය පිළිබදව පැහැදිලි කරන ජලජ සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සභාපති සහ රතු දත්ත ලේඛනය සම්පාදනය කරන කමිටු සාමාජික ශාන්ත ජයවීර.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top