සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන මැතිසබේදී ප්‍රශ්ණ කරයි
Thursday, 08 July 2021 - 14:54 | Views - 810
පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වීම සහ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොකිරීම නිසා සිසුන් පත්ව ඇති අර්බුදය කඩිනමින් විසදන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, තමා ඉල්ලා තිබූ සභාව කල් තැබීමේ යෝජනාවක් ලබා නොදීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කථානායකවරයාගෙන් විමසීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
Share This Article