මෙරටට එන නව කොරෝනා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්
Thursday, 08 July 2021 - 13:01 | Views - 1,021
මාස කිහිපයක් තිස්සේ ලෝකයේ රටවල් ගණනාවකින් වාර්තා වෙමින් පවතින ‘ලැම්ඩා’ ප්‍රභේදය ශ්‍රී  ලංකාවට ඇතුළු වීමේ ඉඩකඩ පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

කිසියම් ආකාරයකින් එවැනි වයිරසයක් රටට ඇතුළු වුවහොත් එය පාලනය කරගැනීම සඳහා අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙළක් සකස් කර ඇති අවස්ථාවකදී වුවද ‘ලැම්ඩා’ ප්‍රභේදය ලංකාවට ඇතුළු වී ව්‍යාප්ත වීමට ඉඩක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරයි.
 
මේ වනවිට දහස් ගණනින් විදෙස්ගත පිරිස් ශ්‍රී  ලංකාවට පැමිණෙමින් සිටින මේ අවස්ථාවේ ‘ලැම්ඩා’ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයකු එම පිරිස් අතරින් ගිලිහී සමාජය තුළ ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
 
පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන ඇති C.37 හෙවත් “ලැම්ඩා” කොවිඩ් ප්‍රභේදය මේ වනවිට එරට පුරා ව්‍යාප්ත වී ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. 
 
එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් 80%ක්ම මෙම “ලැම්ඩා” වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් බව මේ වනවිට හඳුනාගෙන ඇත. 
 
ලොව පුරා පැතිරෙන “ඩෙල්ටා” ප්‍රභේදයට වඩා පැතිරයෑම වේගවත් මෙම “ලැම්ඩා” ප්‍රභේදය සඳහා මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතක සාර්ථකව ප්‍රතික්‍රියා නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top