ලැම්ඩාත් මෙරටට ඇතුලුවීමේ අවදානමක (Video)
Wednesday, 07 July 2021 - 16:19 | Views - 594

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ප්‍රබල සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණේ කොළඹ කේන්ද්‍ර කර ගනිමින්.
කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙමින්.
මෙරට තුළ එන්නත් දෙකක් මිශ්‍ර කර ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. එන්නත් මිශ්‍ර කිරීම පිළිබදව ජාත්‍යන්තර පර්යේෂණ ගණනාවක් දැනටමත් සිදුකර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ පර්යේෂණයට අනුව මෙලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් ඉහළ ප්‍රතිශක්තීකරණයක් ගොඩනැගෙන බව අනාවරණ කර තිබෙනවා.
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නොවන එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සදහා සයිනොෆාම් එන්නත් ලබාදීම අද සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල් පරිශ්‍රයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.
මේ අතර, සීමාසහිතව හෝ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස විවාහ මංගල උත්සව සේවා සපයන්නන්ගේ එකමුතුව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලීමක් කළා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ චිත්‍රපට කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඊයේ කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණේ චිත්‍රපට ක්ෂේත්රයට සම්බන්ධ සංගම් 7ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 934 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 201 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු, කළුතරින් 102 නෙකු කෑගල්ලෙන් 64 දෙනෙකු ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ භූතානයේ සංචාර සිදුකිරීම සම්බන්ධයෙන් තම පුරවැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ භූතානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාර පිළිබද යළි සලකා බලන ලෙසත් ඇමරිකාව තම පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි.
මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරින් තවත් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් සිඩ්නි අගනුවර වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.
Share This Article