පැනගිය සිසුවිය භාරදීමට මවුපියන්ගෙන් 5000ක් ගත් එප්පාවල SI ගේ වැඩ තහනම්
Wednesday, 07 July 2021 - 12:15 | Views - 623

ප්‍රේම සම්බන්ධතාවයක් මත පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයකු සමඟ ගෙදරින් පැන ගොස් එප්පාවල ප්‍රදේශයේ නිවසක පෙම්සුව විඳිමින් සිටි සිසුවියක් එප්පාවල පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම සිසුවිය පොලිස් භාරයෙන් දෙමාපියන්ට භාරදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් මුදලක් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉල්ලා ඇති බව අපට වාර්තා වුණා.
වින්දිත දැරිය දෙමාපියන්ට භාරදීමට නම් රුපියල් පන්දහසක මුදලක් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියදී එම මුදල උප පොලිස් පරීක්‍ෂකවරයාට ලබාදී ඒ පිළිබඳව සිසුවියගේ දෙමාපියන් පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබේනවා.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එප්පාවල පොලිස් ස්ථානාධිපති සඳහන් කළේ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණ අදාළ මුදල එප්පාවල පොලිස් නිලධාරීන් විසින් සොයාගත් බවයි.
කෙසේ වෙතත් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ශාන්ත කොඩිසිංහ මහතා විසින් සැකකරුගේ සේවය තහනම් කර තිබෙනවා.
දැරියගේ දෙමාපියන් පොලොන්නරුව මොරගස්හේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පහළොස් හැවිරිදි දියණිය මීට මාසයකට පමණ ඉහතදී දහඅට හැවිරිදි තරුණයා සමඟ පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article