ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවා තිබෙනවා.
එම ලිපියෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ඉදිරි ඉන්දීය තරගාවලිය සඳහා තමන් සලකා නොබලන ලෙසයි.
තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවත් එම තීරණය ඉදිරි සති දෙක තුළදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් අද දින ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමට තිබූ ක්‍රීඩක ගිවිසුමටද ඇන්ජලො මැතිව්ස් අත්සන් තබා තිබුණේ නැහැ.