හේමසිරි සහ පූජිත්ට එරෙහි නඩු විභාගයට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්
Wednesday, 07 July 2021 - 11:21 | Views - 222
පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩු දෙක විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත් කළ එම විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය විනිසුරු නාමල් බලල්ලේට හිමිව ඇති අතර, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉසදීන් එහි සෙසු සාමාජිකයන්.
Share This Article