රජයේ වෛද්‍ය නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සැරසේ
Wednesday, 07 July 2021 - 8:28 | Views - 396
සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් එක්ව ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ අවසන් කෙරුණ ද තවත් වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් වනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට තම සංගමය ද අපේක්ෂා කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට හෝ පිළිගත් ක්‍රමවේදයකට ගරු නොකරමින් සිය ඉල්ලීම් ඍජුවම කැබිනට් අනුමැතිය හරහා ලබා ගැනීමට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදකාරි තත්ත්වයකට ඇද වැටෙන බවයි.  

මේ අතර, සංවර්ධන නිලධාරී සේවා සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ සිය ඉල්ලීම් කඩිනමින් ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බවයි.

වැටුප් විෂමතා ඉවත් කර මූලික වැටුප හා දීමනා ඉහළ දැමීම, උසස්වීම් පටිපාටිය වෙනස් කිරීම, හිඟ වැටුප් ලබාදීම, අභ්‍යාසලාභී පුහුණු දීමනාව රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි මොවුන් වර්ජනයකට යාමේ සූදානමක් ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top