පිහිටක් අවැසි පවුලක් (Video)
Tuesday, 06 July 2021 - 16:14 | Views - 226
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලැබීමට සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රමයටයි.
 
නමුත් දරිද්‍රතාව ඇතුළු දහසකුත් ගැටලු මධ්‍යයේ ඉගෙනීමට වෙර දරන දෘෂ්‍යාබාධිත දරුවෙකු පිළිබඳව අපට වාර්තා වුණා.
 
මේ, කිරිබත්ගොඩ, මාකොල ප්‍රදේශයේ පදිංචි රවිඳු යසස්.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින රවිඳු දෘෂ්‍යාබාධිත තත්ත්වයකින් පීඩා විඳිනවා.
 
රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන රවිඳුට මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට නොහැකි වී ඇත්තේ ජංගම දුරකථනයක් නොමැති වීමෙන්.
 
රවිඳුගේ මව සහ පියාද පූර්ණ දෘෂ්‍යාබාධිත බැවින් සිය දරුවාගේ අධ්‍යයන කටයුතුවලට උපකාරී වීමට හැකියාවක් නැහැ.
 
කොවිඩ් වසංගතය හමුවේ රවිඳුගේ පියාගේ රැකියාව වන පිරිත් පොත් විකිණීම අහිමි වීම මෙන්ම, මව පිළිකා
 
රෝගයකින් පීඩා විඳීම මේ පවුලේ අසරණභාවය තවත් තීව්‍ර කර තිබෙනවා.
 
අභියෝග හමුවේ ජීවිතය ජයගන්න රවිඳුට පුංචි හෝ උපකාරයක් කිරිමට හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇති



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top