කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලැබීමට සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රමයටයි.
නමුත් දරිද්‍රතාව ඇතුළු දහසකුත් ගැටලු මධ්‍යයේ ඉගෙනීමට වෙර දරන දෘෂ්‍යාබාධිත දරුවෙකු පිළිබඳව අපට වාර්තා වුණා.
මේ, කිරිබත්ගොඩ, මාකොල ප්‍රදේශයේ පදිංචි රවිඳු යසස්.
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින රවිඳු දෘෂ්‍යාබාධිත තත්ත්වයකින් පීඩා විඳිනවා.
රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන රවිඳුට මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට නොහැකි වී ඇත්තේ ජංගම දුරකථනයක් නොමැති වීමෙන්.
රවිඳුගේ මව සහ පියාද පූර්ණ දෘෂ්‍යාබාධිත බැවින් සිය දරුවාගේ අධ්‍යයන කටයුතුවලට උපකාරී වීමට හැකියාවක් නැහැ.
කොවිඩ් වසංගතය හමුවේ රවිඳුගේ පියාගේ රැකියාව වන පිරිත් පොත් විකිණීම අහිමි වීම මෙන්ම, මව පිළිකා
රෝගයකින් පීඩා විඳීම මේ පවුලේ අසරණභාවය තවත් තීව්ර කර තිබෙනවා.
අභියෝග හමුවේ ජීවිතය ජයගන්න රවිඳුට පුංචි හෝ උපකාරයක් කිරිමට හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇති