ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය විසි හතරේදී වැසි
Monday, 05 July 2021 - 15:37 | Views - 1,916
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය විසි හතර තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි පවතින විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං මෙන්ම මුහුදු ප්‍රදේශ ඉතා රළුවීමේ අවදානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article